Tuesday, August 20, 2013

SRI LANKAN AGRICULTURE AND FARMING -Chathura Yapa-: කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක්

SRI LANKAN AGRICULTURE AND FARMING -Chathura Yapa-: කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක්: මේ ක්‍රමය අපි හදුන්වන්නේ ගොඩ ක්‍රමය විදියට.ඒක පොඩ්ඩක් වෙනස් කරලා එප්පාවල රොක් පොස්පේට් කියන ඛ්නිජයත් මේ සදහා යොදාගෙන තවත් ගුනාත්මක විදි...

සිටුවීමට වඩාත්ම සුදුසු කෙසෙල් පෑලේ

ලග පාතක කෙසෙල් පදුරක් එහෙම තියෙනවා නම් ඉස්සෙල්ලාම ගිහින් හොදට ඒක නිරීක්ශනය කරලා බලන්නකෝ....හරි මොකද හිතෙන්නේ.ලොකු කෙසෙල් ගස් එක්ක කුඩා පෑලත් අනිවාර්යෙන්ම ඒකෙ ඈති.හරි අපිට වෑදගත් වෙන්නේ සිටුවන්න ගන්න පෑල නේ.ඉතින් ලොකු පිරුන පත්‍ර තියෙන පෑල ඈති,එතකොට කුඩා උලක් හෑඩයට පත්‍ර පිහිටලා තියෙන පෑල ඈති.හොදයි මේ පෑල අතරින් හිටුවන්න හොද පෑලේ තෝරන්න කිව්වෝතින් මොකද්ද ඔබ තෝර ගන්නේ.?ගෑටලුවක්.

මෙයාව අපි හදුන්වන්නේ "කඩුපත් මොරෙයියා" කියලා හදුන ගන්න හරි ලේසියි.පත්‍රය කඩුවක් වගේ සිහින්ව උල්ව තමයි පිහිටලා තියෙන්නේ.කද දිහා බලන්නකෝ උඩ කොටස හීන් වෙලා පහලට යද්දී කද මහත් වෙලා හරියට කේතු ආකාරයේ ස්වභාවයක් තමයි දකින්න ලෑබෙන්නේ.මේ කඩුපත් මොරෙයියාගේ රයිසෝමය එහෙම නෑත්නම් දන්න විදියට අලේ ප්‍රමාණය විශාලවයි පිහිටලා තියෙන්නේ.පෑලේ ප්‍රමාණය නම් සාපේක්ශව කුඩායි.දෑන් කට්ටියට කඩුපත් මොරෙයියා වෙන් කරලා හදුනගන්න අපහසු වෙන එකක් නෑ.ඔන්න යාලුවනේ කෙසෙල් පෑලයක් හිටුවන්න ගන්නවා නම් ඔන්න ඉස්තරම්ම මොරෙයියා තමයි මේ සදහන් කරපු කඩුපත් මොරෙයියා .ඒකට හේතුව තමයි මෙයාගේ වර්ධන වේගය ඉතාම ඉහලයි.සාමාන්‍යයෙන් සිටුවලා මාස 10 -12 වගේ යද්දි අපිට හොද ප්‍රමාණයේ කෙසෙල් කෑනක් මෙයාගෙන් ගන්න පුලුවන්.

"ජල මොරෙයියා" නෑත්නම් දියපත් මොරෙයියා කියලා.පත්‍ර හෑඩය ගත්තොත් පලල් මෝරපු ගහක කොලේක හෑඩයට සමානයි.හෑබෑයි ඊට වඩා ප්‍රමාණයෙන් කුඩායි.කදේ ස්වභාවය සිලින්ඩරාකාරයි.උඩයි යටයි විශ්කම්බයේ ලොකුවෙනසක් දකින්න නෑ.රයිසෝමය,අලේ ඉතාම කුඩායි කොටින්ම නෑ වගේ.හෑබෑයි මෙයා කඩුපත් මොරෙයියාට සාපේක්ශව ලොකුවට ඉන්න නිසා ගොඩ දෙනෙක් රෑවටිලා ඉක්මනට කෑනක් ගන්න කියලා හිතාගෙන මෙයාව හිටවගන්නවා.
බලාපොරොත්තුව ඉශ්ට වෙයිද?
 
අනේ නෑ .ලොකුවට හිටියාට මෙයාගේ වර්ධන සීඝ්‍රතාවය ඉතාම අඩුයි.කෑනක් එන්න සෑහෙන්න කාලයක් යනවා දළ වශයෙන් ගත්තෝතින් මාස 15 විතර ....ලේසි නෑ නේද?ඔන්න ඒක නිසා මේ දියපත් මොරෙයියන් සාමාන්‍යයෙන් සිටුවීමට ගන්න නිර්දේශ කරන්නේ නෑ
මේ මොරෙයියන් දෙවර්ගය ඈරුනාම කෙසෙල් පදුරක තවත් මොරෙයියන් කාංඩයක් ඉන්නවා.එයා මන් මේ කලින් සදන් කරපු වර්ග දෙකේ අතරමෑදි ලක්ශන තමයි පෙන්නුම් කොරන්නේ.එයාව නම් කරලා තියෙන්නේ" කන්‍යා මොරෙයියා" කියලා .එහෙම නම් කලේ මොකද කියලා නම් මාත් දන්නේ නම් නෑ.ඒත් මෙයා කඩුපත් මොරෙයියා තරම්ම හොදත් නෑ.ඒ වගේම දියපත් මොරෙයියා තරම්ම නරකත් නෑ.කෑනක් ගන්න කඩුපත් වලට වඩා වෑඩි දියපත් වලට වඩා අඩු කාලයක් ගතවෙන නිසාත් පෑල විසාල ප්‍රමානයක් හිටවන්න ඕන වෙන නිසාත් මෙයාවත් සිටුවන්න සුදුසු ලයිස්තුවට දාලා තියෙනවා
 

කොම්පෝස්ට් පොහොරක් හදාගන්න විදියක්



මේ ක්‍රමය අපි හදුන්වන්නේ ගොඩ ක්‍රමය විදියට.ඒක පොඩ්ඩක් වෙනස් කරලා එප්පාවල රොක් පොස්පේට් කියන ඛ්නිජයත් මේ සදහා යොදාගෙන තවත් ගුනාත්මක විදියටත් මේ වෑඩේ කරන්න පුලුවන් .එතකොට පොස්පොකොම්පෝස්ට් කියලා තමයි හදුන්වන්නේ. හොදයි ඕන වෙන ජාති කියන්නම්.අමු ගොම(250කි.ග්) ,මකුලත(ග්ලිරිසීඩියා),සූරිය,වගේ පහසුවෙන් දිරා යන කොල වර්ග(500කි.ග්), ඒ වගේම පිදුරු,ඉතාම ලේසියෙන් දිරාපත් වන ජබර වගේ ගන්න පුලුවන් නම් ගොඩාක් හොදයි.පෙතිගහපු කෙහෙල් කද කෑබලි වගේ දේවල් උනත් ගන්න පුලුවන්.(ඊ.ආර්.පී)එප්පාවල රොක් පොස්පේට්25කි.ග්, යුරියා පොහොර ටිකක්.ආ කලු පොලිතින් එකක් කොම්පෝස්ට් එක වහන්න. හරි වෑඩේට බහිමු.මුලින්ම  මීටර් 1*3 ප්‍රමාණයට ලනු ඈදලා භූමියේ සීමාව ලකුණු කර ගන්න ඕන.එම ඉඩේ තමයි කොම්පෝස්ට් එක හදන්නේ.

ඊට පස්සේ පරන කොම්පෝස්ට් ගොඩකින් ගනිපු පොහොර ටිකක් තුනිවට අර වෙන් කොරාපු කොටසේ අතුරන්න ඕන.එහෙම නෑතිනම් අමු ගොම ටිකක් වතුරේ දිය කරලා පොල්කටුවකින් තුනියට ඉහින්න

දෑන් ඒ තට්ටුව උඩ මකුලත කොල,සූරිය කොල(අපි ගත්තු පහසුවෙන් දිරා යන ඕනෑම වර්ගයක )අඩි භාගයක වත් උසකට අතුරන්න 

ගොම කිලෝ20 විතර තරමක් විශාල බෑරලයකට (තාර බෑරල් භාගයක් නම් ගොඩාක් හොදයි )ජලය දාලා දිය කර ගන්න ඕන.අප්පිරියා වගේද? නෑ මේ ගොමනේ. ඊටම ඊ.ආර්.පි කිලෝ 5 විතර දිය කරන්න ඕන.ඒකටම යූරියා ග්‍රෑම් 500 විතර දා ගත්තොත් හොදා.දෑන් රතු පාටට හුරු උකු ද්‍රාවණයක් තමයි ලෑබෙන්නේ. මෙන්න මේකෙන් අර ගහපු තට්ටුව උඩ ස්තරයක් විදියට තෙත් කල යුතුයි. 

මේ තට්ටුව උඩ ආයෙත් අර කලින් යොදා ගත්තු අමුද්‍රව්‍ය ඒ පිලිවෙලටම අතුරන්න ඕන. නෑවත දිය කරගත්තු ගොම ඊ.ආර්.පී මිශ්‍රණය ඒ මත යෙදිය යුතුයි. ඔන්න ඔය පිලිවෙලට තට්ටු හයක් විතර ගහ ගත්තාම වෑඩේ අහවරයි.එතකොට පාන් ගෙඩියෙ හෑඩේට ගොඩ පේනවා.දෑන් අපි අර ඉස්සර කාලෙ ගෙවල් වල ගොම පිරියම් කොරාපු විදියට මේක වටේට ගොම පිරියම් කොරලා ඉන්න ඕන. කලු පොලිතින් එක තියෙනවා නේද.ඔන්න ඒක ගන්න වෙලාව හරි.මේ ගොඩ වෑහෙන්න පොලිතින් එකෙන් ආවරණය කිරීම තමයි අවසානයට ඉතුරු වෙලා තියෙන්නේ.මේක සීල් කරන්න ඕන නම් නෑ හොදද.හතර පෑත්තෙන් ලනු හතරක් ඈදලා පොලොවට ගහපු ඉනි වලට ඈද්දා නම් වෑඩේ ගොඩ.